ශ්‍රී ලංකාවට වැරදුණු තැන ඇමති මංගල හෙළි කරයි

Saturday, 10 September 2016 - 13:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසු ගැටුමට මුල් වූ කරුණුවලට පිළියම් කිරීමට අපොහොසත්ව සිටි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

තිරසාර සාමය සහ අර්ථවත් සංහිදියාවක් මෙන්ම ගැටුම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර එහිදී මඟ හැරුණු බවයි ස්ලොවීනියාවේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා පසුගිය සතියේ ස්ලොවීනියාවේ සංචාරයක නිරත වුණා.

ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රමුඛ සහ වැදගත් සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් කටයුතු කළා.

ජගත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ශ්‍රී ලංකාව නොබැදි විදේශීය ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

එහෙත් පසුගිය කාලය තුළ එම ප්‍රතිපත්තියෙන් බැහැරව ශ්‍රී ලංකාව කටයුතු කළේ සාම්ප්‍රදායික මිතුරන් සහ පාර්ශවකරුවන් මඟ හරිමින්.

එය ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව කොන්වීමට හේතු වූ බව අමාත්‍ය මංගල සමරවීර කියා සිටියා.

කෙසේ නමුත්, පසුගිය වසරේ ජනවාරි 8 වන දා දේශපාලන පෙරළියෙන් ජාතික එකමුතු රජයක් බිහිවීමත් සමඟ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ තහවුරු කිරීමට හැකි වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

නව දේශපාලන සංස්කෘතිය ශ්‍රී ලංකාවේ දිගුකාලීන යහපතට හේතු වනු ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.