දේශපාලනඥයන් රටට ආදර්ශමත් විය යුතු බවට අස්ගිරි මහනාහිමියන්ගෙන් ඔවදනක්

Saturday, 10 September 2016 - 13:04

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
රටක දේශපාලන අධිකාරිය ආදර්ශමත්වීම තුළින් යහපත් රටක් ගොඩනැගිය හැකි බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් ප්‍රකාශ කළා.

බදුල්ල - මුතියංගන රාජමහා විහාරාධිපති පදවිය හොඹවන උන්වහන්සේ පිළිගැනීමේ සහ උපහාර පිදීමේ උත්සවයක් බදුල්ල - මුතියංගන රජමහා විහාරස්ථානයේ ඊයේ සන්ධ්‍යාවේ පැවැත්වුණා.

ඌව පළාත් සභාව මගින් උන්වහන්සේ කැදවාගෙන ඒම සඳහා පෙරහරක් ද සංවිධාන කර තිබුණා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඌව ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ සහ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වුණා.

එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් ප්‍රකාශ කළේ භික්ෂුව ද ශක්තිමත් විය යුතු බවයි.