එක්සත් ජාතික පක්ෂ 70 වන සැමරුම් උත්සවය උත්කර්ශවත් ලෙස ඇරඹේ - ජනපති සහ හිටපු ජනපතිනියත් සැමරුම් උළෙලට

Saturday, 10 September 2016 - 13:18

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+70+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7
එක්සත් ජාතික පක්ෂයේ 70 වන සැමරුම් උත්සවය අති උත්කර්ශවත් අයුරින් මේ වනවිට කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙනවා.

අලුත් රටක ඉදිරියට යන්න හිතන අය එන්න තේමාව යටතේයි මෙවර සැමරුම් උත්සවය සංවිධානය කර ඇත්තේ.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගිව සිටින අතර, එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද ඊට එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණය සඳහා තරඟ කළ අමාත්‍ය රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ද කැම්බල් පිටියට එක්ව සිටිනවා.

සැමරුම් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් පක්ෂ මහලේකම් කබීර් හෂීම් කැඳවීමේ ලිපිය ඉදිරිපත් කළ අතර, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක, පිළිගැනීමේ කතාව සිදුකළා.

එහිදී පක්ෂ උපනායක රවී කරුණානායක කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය බලය ලබා ගත්තේ පක්ෂය දිනයවීමට නොව රට සහ ජනතාවට දිනවීමට බවයි.

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ද්‍රවිඩ භාෂාවෙන් සැමරුම් උත්සවය ආමන්ත්‍රණය කළ අතර, අද වනවිට සියලු ජාතීන් සුහදව ජීවත් වන බව ඇය එහිදී කියා සිටියා.

සැමරුම් උත්සවය ආමන්ත්‍රණය කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් අදහස් දක්වා සිටියා.

මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ 70 වන සැමරුම් උත්සවය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙන අතර එහිදී එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ වාර්තාවේ අඩංගු ‘‘අපේ මතවාදය ’’ සම්බන්ධයෙන් පාක්ෂිකයන්ගේ මතය විමසා සිටියා.

එහිදී ඒ සඳහා සියලු පාක්ෂිකයන්ගේ කැමැත්ත පළ වුණා.

ඒ අනුව එය ඒකමතිකව සම්මත වූ බවයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කළේ.

මීට අමතරව පක්ෂය සම්බන්ධයෙන් පිළියෙල කළ සගරාවක් ද ජනාධිපතිවරයා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ ඡායාරූපය ඇතුළත් සමරු සිහිවටනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙහිදී පිරිනැමුණු අතර, සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ඡායාරූප ඇතුළත් සමරුවක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට පිළිගැන්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්