පැහැරගත් වැලිකඩ ජේලර්වරයෙකු කැපුම් තුවාල සහිතව ජාතික රෝහලේ

Saturday, 10 September 2016 - 15:07

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%A2%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන ජේලර්වරයෙකු ඊයේ රාත්‍රියේ පැහැරගෙන ගොස් පහරදී යළි බන්ධනාගාරය ආසන්නයට ගෙනවිත් දමා තිබුණා.

මේ වනවිට ඔහු කැපුම් තුවාලද සහිතව  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.

මෙම නිලධාරියා පසුගිය කාලය තුළ මැගසින් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුම් රැසකට දායක වී තිබෙනවා.

රැඳවියන් සතුව තිබූ ජංගම දුරකථන 270 ක් පමණ සොයාගැනීමට ඔහුගේ දායකත්වය ලැබී තිබුණා.

පහරදීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවද ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ ගැමුණු සඳරුවන් නැමති ජේලර්වරයා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ 72 වන වාට්ටුවේයි.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථාවක් - මහින්ද දේශප්‍රිය (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:30

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ ඡන්ද... Read More