Update : ශ්‍රී ලාංකේය සිනමාවේ ජාත්‍යන්තර සලකුණ, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙල රන් පලස මතින් ඇරඹේ

Sunday, 11 September 2016 - 7:25

Update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83+%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවට ස්වර්ණමය සටහනක් තබන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් - 2016 සිනමා සම්මාන උළෙල කොළඹ - නෙළුම්පොකුණ රඟහලේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

සම්මාන උළෙලට සහභාගි වන බොලිවුඞ් සුපිරි තරු ප්‍රමුඛ දෙස් විදෙස් රංගන ශිල්පීන්, ශිල්පිනියන් නෙළුම්පොකුණ රඟහල වෙත ප්‍රවිෂ්ඨ වෙමින් සිටින්නේ රන් පලස මතින්.

එතෙක්, මෙතෙක් ශ්‍රී ලංකාවේ සංවිධාන වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ එකම සම්මාන උළෙල වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් සිනමා සම්මාන උළෙල 2014 වසරේදී ආරම්භ වුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

ප්‍රථම සම්මාන උළෙල එම වසරේදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වුණේ ජාත්‍යන්තර ප්‍රමිතියේ සිනමා සම්මාන උළෙලක අත්දැකීම මෙරට ජනතාවට සමීප කරවමින්.

බොලිවුඩ් තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ එම සම්මාන උළෙලට මෙන්ම මෙවර සම්මාන උළෙලටත් බොලිවුඞ් තරු රැසක් එක්ව සිටිනවා.

සම්මාන රාත්‍රියට සහභාගි වන බොලිවුඩ් තරු පොකුර අද දහවල් කොළඹ හිල්ටන් හෝටලයේදී විශේෂ මාධ්‍ය හමුවකට ද එක්වුණා.

තමන් ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක රගපෑමේ කැමැත්තෙන් පසුවන බවයි මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් එහිදී ජැකී ෂෙරොෆ් සදහන් කළේ.

2014 සහ 2015 වසරවල තිරගතවූ චිත්‍රපට 40 කට මෙන්ම එම වර්ෂවල නිෂ්පාදනය කෙරුණු කෙටි චිත්‍රපට 100 ක් අතරින් තෝරාගත් නිර්මාණ වෙනුවෙන් අද රාත්‍රියේ සම්මාන පිරිනැමෙනවා.

සම්මාන උළෙල වර්ණවත් කිරීම සඳහා එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ යොදා ගත් දියුණුම තාක්ෂණික උපක්‍රම මෙන්ම නවීනතම ආලෝකකරණ සහ ශබ්ද පරිපාලන පද්ධතියක් යොදා ගැනෙනවා.

එමෙන්ම නැටුම්, ගැයුම් සහ වැයුම්වලින් සමන්විත සම්මාන උළෙලට බොලිවුඞ් සුපිරි නළු නිළියන් රංගන දායකත්වය ලබාදීම ද විශේෂත්වයක්.

සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකේය සිනමාව නව මානයකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්මේ ප්‍රවේශය 2014 වසරේදී හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් ලෙස ආරම්භ කළ බවයි.

ලාංකේය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා ආරම්භ වූ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් සම්මාන උළෙල මේ වනවිට මෙරට සිනමාවේ උන්නතියට විශාල මෙහෙවරක් සිදුකර ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළා.

රන් පලස මතින් රංගන ශිල්පීන්, ශිල්පිනියන් මේ වන විටත් නෙළුම්පොකුණ රඟහල වෙත පැමිණෙමින් සිටින අතර, හිරු ටී.වී. ඔස්සේ එය සජීවීව විකාශය වනවා.




Update : Sunday, September 11, 2016 18.42
--------------------------------------------------------------

මෙරට සිනමාවේ ස්වර්ණමය රාත්‍රීය, හිරු Golden Film Awards 2016 සම්මාන රාත්‍රිය අදයි.  

මෙවර හිරු Golden Film Awards සම්මාන රාත්‍රිය සඳහා සුපිරි බොලිවුඩ් තරු වන මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි, කරිෂ්මා කපූර්, සුනිල් ෂෙට්ටි, ජැකී ෂෙරොෆ් මෙන්ම නීල් නිතින් මුකේෂ් ද එක්වන අතර, සම්මානනීය බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් ද මෙම අති උත්කර්ශවත් සම්මාන උළෙලට එක්වීම විශේෂත්වයක්.

සම්මාන උළෙලට එක්වන සුපිරි බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටි සහ සුපිරි නිළි කරිෂ්මා කපූර් ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඔවුන්ට පෙර සුපිරි බොලිවුඩ් නළු නීල් නිතින් මුකේෂ්  මෙරටට ළඟාවුණා.   

සුපිරි බොලිවුඩ් නිළි  කරිෂ්මා කපූර් ප්‍රකාශ කළේ තමන් සම්මාන රාත්‍රිය උදාවනතුරු නොඉවසිල්ලෙන් පසුවන බවයි.

එසේම සුපිරි නිළි මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි සහ ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟාවූ අතර සුපිරි බොලිවුඩ් නළු ජැකී ෂෙරොෆ් මේ වනවිට  දිවයිනට ළඟාවී තිබෙනවා.

හිරු Golden Film Awards සම්මාන උළෙල යනු එතෙක් මෙතෙක් මෙරට සිනමාවේ ප්‍රථම ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලයි.

2014 සහ 2015 වසරවල තිරගතවූ චිත්‍රපට 40 කට මෙන්ම එම වර්ෂවල නිෂ්පාදනය කෙරුණු කෙටි චිත්‍රපට 100 ක් අතරින් තෝරාගත් නිර්මාණ වෙනුවෙන් එහිදී සම්මාන පිරිනැමෙනවා.

ශ්‍රී ලාංකේය සිනමාවේ විප්ලවීය වෙනසක් සිදුකරමින් එහි උන්නතිය උදෙසා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව පැවැත්වෙන හිරු Golden Film Awards සම්මාන රාත්‍රිය සංවිධාන වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකේය සිනමාව නව මානයකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්මේ ප්‍රවේශය 2014 වසරේදී හිරු Golden Film Awards ලෙස ආරම්භ කළ බවයි.

ලංකේය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා ආරම්භ වූ හිරු Golden Film Awards සම්මාන උළෙල මේ වනවිට මෙරට සිනමාවේ උන්නතියට විශාල මෙහෙවරක් සිදුකර ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළා.

සම්මාන උළෙල වර්ණවත් කිරීම සඳහා පැමිණි සුපිරි නිළි කරිෂ්මා කපූර් ඇතුලූ මෙරට ප්‍රවීන සහ ජනප්‍රිය ශිල්පීන් ඊයේ දිනයේත් නෙළුම් පොකුණ රඟහලේදී පෙර පුහුණුවීම්වල නිරතවුණා.

ඒ, සම්මාන රාත්‍රිය වෙනුවෙන් රඟහල සූදානම් කිරීමේ කටයුතු අතරතුරයි.

හිරු Golden Film Awards සම්මාන උළෙල වර්ණවත් කිරීම සඳහා එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ යොදාගත් දියුණුම තාක්ෂණික උපක්‍රම මෙන්ම නවීනතම ආලෝකකරණ සහ ශබ්ද පරිපාලන පද්ධතියක් යොදාගැනීමටද අප සූදානම්.