2017 දුගී බවින් නිදහස් වර්ශය ලෙස නම් කරනවා

Sunday, 11 September 2016 - 18:53

2017+%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%93+%E0%B6%B6%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
28 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්තිය, දෙහිඅත්තකණ්ඩිය මහජන ක්‍රීඩාංගනයේ දී අද පස්වරුවේ පැවැත්වුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මේ, එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙලෙස අදහස් පළ කළා.

‘‘අපේ රටේ පළවැනි මහවැලි ඇමතිවරයා වූ ඞී.පී ද සිල්වා මැතිතුමා 1970 පෙබරවාරි මාසයේදී අගමැතිව සිටි ඩඞ්ලි සේනානායක සමඟ පොල්ගොල්ලේ ඇරවුම වේල්ල ඉදිකර මුල්ගල තියලා ආරම්භ කරපු මහවැලි ව්‍යාපාරය 1976 ජනවාරි 8 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මහවැලි සංවර්ධන ඇමතිවරයාව සිටි මෛත්‍රීපාල සේනානායක සමඟ පොල්ගොල්ලේ ජලාශයේ වැඩ අවසන් කරලා උත්සවයක් පැවැත්වුවා. 1977 පෙරළියෙන් පසු ගාමිණි දිසානයාක ජාතික ආර්ථිකය පුළුල් විශිෂ්ඨ නායකත්වයක් දුන්නා. ඒ නිසා තමයි කවුරුත් මහවැලි නිර්මාතෘ විදිහට එතුමා ගැන කතා කරන්නේ සහ අවිවාදයෙන් පිළිගන්නේ.’’

2017 දුගී බවින් නිදහස් වර්ශය ලෙස නම් කර කෘෂිකර්මාන්ත හා කර්මාන්ත දියුනුව සඳහා නව වැඩපිළිවෙලක් අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.