නකල්ස් ගින්නෙන් අක්කර සිය ගණනකට හානි

Monday, 12 September 2016 - 9:46

%E0%B6%B1%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
නකල්ස් කඳුවැටියේ ප්‍රදේශ දෙකක පැතිර යන ගින්නකින් මේ වන විට අක්කර සිය ගණනක් විනාශ වී තිබෙනවා.

ගින්න නිවීම සඳහා පොලිසිය, යුධ හමුදාව සහ ගුවන් හමුදාව එක්ව කටයුතු කරන අතර බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ගින්න හට ගෙන ඇත්තේ නකල්ස් කඳුවැටියේ නැගෙනහිර කොටසේ උඩුදුම්බර සහ හසලක ප්‍රදේශය ආශ්‍රිතවයි.

යහන්ගල සහ කහටගොල්ල යන ස්ථාන දෙකෙන් එය පැතිර ගොස් තිබෙනවා.  

හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ නකල්ස් කඳුවැටියේ ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවයි.

නව වන වගාවන්ද මෙම ගින්නෙන් විනාශ වී ඇති අතර, එය මැඩපැවැත්වීමට දැඩි වෙහෙසක් ගතයුතු බවයි ඔවුන් සඳහන් කළේ.