LTTE සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවෙන් පිටුවහල් කරයි

Monday, 12 September 2016 - 10:49

LTTE+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ජර්මනිය බලා යාමට උත්සාහ කළ LTTE සම්බන්ධතා සහිත ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාව  පිටුවහල් කර තිබෙනවා.

සුදන් සුබයියා නැමති 37 හැවිරිදි මෙම පුද්ගලයා පූනේ ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් පළමුවනදායි.

පසුව ඔහු මුම්බායි හරහා පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.

මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත වැසියෙකුගේ නමින් සිය ගමන් බලපත්‍රය සකසා ඇති බවයි හෙළිවී ඇත්තේ.

LTTE සංවිධානය යටතේ අවි පුහුණුව ලබා ඇති ඔහු එම සංවිධානයෙන් පසුව නික්මුණු අයෙක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.