නව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති

Monday, 12 September 2016 - 13:44

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාෂල් කපිල ජයම්පති පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර එයාර් වයිස් මාෂල් තනතුර දරනු ලැබූ අතර ජනාධිපතිවරයා විසින් ඔහු තනතුරෙන් උසස් කරමිනුයි මෙලෙස නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ.

ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ එයාර් මාෂල් ගඟන් බුලත්සිංහලගේ  සේවා කාලය අදින් අවසන් වනවා.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන එයාර් මාෂල් කපිල ජයම්පති ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 1982 වසරේදීයි.

එතැන් පටන් ගුවන් හමුදාවේ විවිධ තනතුරු දරමින් කටයුතු කළ ඔහු ගුවන් හමුදාපති තනතුරට පත්වන විටත් එහි මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටියා.