ගුවන් නියමු වර්ජනය දිග්ගැස්සෙන ලකුණු

Monday, 12 September 2016 - 13:52

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
තමන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉදිරියේදී ගුවන් ගමන්වලට බාධා එල්ලවිය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සංසදය පවසනවා.

එහි ලේකම්  කපිතාන් අනුර අබේසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෝ රජය තම ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.  

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළේ පසුගිය දා ඇති වූ සිද්ධියට සමගාමීව සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් නියමුවන් සඳහා අහඹු ලෙස සිදුකරන මත්පැන් පරීක්ෂාව යළි ආරම්භ කිරීමත් සමඟ ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.