පසුපෙළ මන්ත්‍රී ධුරය අවමානයක් - ඩේවිඩ් කැමරන් අද පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙයි

Tuesday, 13 September 2016 - 8:38

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A9%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීමට හේතු වූ ජනමත විචාරණයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඩේවිඩ් කැමරන් අද සිය පාර්ලිමේන්තු අසුනෙන් ද ඉවත් වනවා.

ඒ අනුව ඔහු නියෝජනය කරන ඔක්ස්ෆර්ඞ්ෂෙයර් අසුනට අතුරු මැතිවරණයක් පැවැත්වෙනු ඇති.

49 හැවිරිදි ඩේවිඩ් කැමරන් අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය හිමි වූයේ කැමරන්ගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රබල සාමාජිකාවක වූ තෙරේසා මේ ටයි.

ඇය දැන් ඩේවිඩ් කැමරන්ගේ පාලන සමයේ ප්‍රතික්ෂේප වූ යෝජනා ක්‍රියාත්මක කරමින් සිටින බව ද වාර්තා වනවා.

ඩේවිඩ් කැමරන් පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට එය ද එක් හේතුවක් ලෙසයි සැලකෙන්නේ.

කෙසේ නමුත්, සිය ජන්ද දායකයන් වෙත කැමරන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුවීම ගරුත්වයක් වුවත් පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස ආණ්ඩුවේ රැදී සිටීම දුෂ්කර බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස සිට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම අවමානයක් ලෙස සලකාඩේවිඩ් කැමරන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More