රට දැය එළිය කළ මිණි පහන නිවී යයි

Tuesday, 13 September 2016 - 8:19

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් ඊයේ (12) දැයෙන් සමුගත්තා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ඊයේ (12)
පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණි ධර්ම ආශ්‍රමයේ තැන්පත් කොට තිබුණා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට පිටත්වීම ආරම්භ වුණේ ඊයේ (12) පස්වරු 1ට පමණ.

ප්‍රථමයෙන් ශ්‍රී දේහය පාර්ලිමේන්තු වටරවුම වෙත වැඩමවීමෙන් අනතුරුව අවමංගල්‍ය පෙරහැර ආරම්භ වුණා.