වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Tuesday, 13 September 2016 - 13:26

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර ඊට මෙලෙස අනුමැතිය හිමි වූ බවයි.

වැට් බදු සංශෝධන මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන බව ප්‍රකාශ කළා.

ඒ, කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නොගැනීම හේතුවෙන්.

එමෙන්ම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද විරෝධතාවන් ඉදිරිපත් කර තිබුණා.

නව කෙටුම්පත සකස් කිරීමට පෙර නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ මුදල් අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉන් අනතුරුව නව කෙටුම්පත සකස් කර ඇත්තේ ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ද ඇතුළත් කරමින්.

මේ අතර, කැබිනට් මණ්ඩලයේදී පනත් කෙටුම්පතට අනුමැතිය  හිමි වීමෙන් පසු පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ මෙම වැට් සංශෝධනයේද අඩුපාඩු ඇත්නම් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් බවයි.

එසේම අතීතයට බලපාන පරිදි යළි වැට් බදු සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂයද පවසනවා.

කොළඹ අද කැඳවා  තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.  පීරිස් මේ බව කියා සිටියා.

මේ අතර මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ දුම්වැටි සඳහාද බදු ඉහළ දැමීමට රජය කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී.තෙන්නකෝන් කියා සිටියේ වැට් බදු හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් සිදුනොවන බවයි.

ඔහු ඒ බව සඳහන් කළේ මාධ්‍යවේදීයෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.





සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More

කොරෝනා හේතුවෙන් අවදානමට ලක්වූ සංචාරක කර්මාන්තය (වීඩියෝ)
Monday, 03 August 2020 - 13:29

කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍ර අතර ප්‍රධාන... Read More