අදාළ දේ නොකිරීමේ අවසානය ඛේදවාචකයක් - ජනපති

Tuesday, 13 September 2016 - 18:12

%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තමන්ට අදාළ දේ තමන් විසින් නොකිරීමේ අවසානය ඛේදවාචකයක් බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ගාල්ල - අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තරඟකාරී සමාජය තුළ මිනිසුන්ගේ නොසන්සුන් සහ නොහික්මුණු භාවයට ඇති එකම විසඳුම බෞද්ධ දර්ශනය බවයි.

මේ අතර ලබන වසරේ මෙරටදී පළමු වරට පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට උපදෙස් ලබාදී තිබෙනවා.

ඊට අදාළව  ඊයේ පැවති පළමු සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එසේම ජාතික සිරකරු දිනට සමගාමීව පැවැත්වෙන වාර්ෂික කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රථම කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පැළඳවීමද අද සිදු කෙරුණා.