සාලාවේ පිපිරීමෙන් පීඩාවට පත්වූවන් මානව හිමිකම් කොමිසමට යයි

Wednesday, 14 September 2016 - 7:33

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් පීඩාවට පත් තමන්ට මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවට පවසමින් දේපළ අහිමිවූවන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමට දින 100ක් සපිරුණේ ඊයේ දිනටයි.

පසුගිය ජූනි පස්වනදා අවි ගබඩාව පිපිරීමෙන් ඒ කඳවුර අවට නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුලූ දේපළ රැසක් අර්ධ සහ පූර්ණ වශයෙන් හානියට පත්වුණා.

පිපිරීමෙන් කඳවුරට ආසන්න ග්‍රාම සේවා වසම් 10 ක නිවාස 300 ක් පමණ මුළුමනින්ම විනාශ වුණා.

ඉන් පිරිසකට රජය වන්දි ලබාදීම සිදුකළද ඒවා ප්‍රමාණවත් නොවන බවටයි දේපළ අහිමිවූවන් චෝදනා කළේ.

මෙම චෝදනා ඉදිරිපත් කරමින් අවස්ථා කිහිපයකදීම දේපල අහිමිවූවන් විරෝධතා ව්‍යාපාර සහ උද්ඝෝෂන පැවැත්වූවා.

මෙතෙක් තමන්ට සාධාරණ වන්දි මුදලක් නොලැබුණු බවට චෝදනා කරමිනුයි ඊයේ දිනයේදී ඔවුන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ.