කිලිනොච්චියේ නාඳුනන මළසිරුරක් (ඡායාරූප)

Wednesday, 14 September 2016 - 12:11

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයෙන් නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ වයස අවුරුදු 50 ත් 60 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකුගේ මළසිරුරක් බවයි.

පරන්තන් ප්‍රදේශයේ කැලෑවක ඇවිදීමට ගිය ප්‍රදේශවාසියෙකු මෙම මළසිරුර දැක කිලිනොච්චිය පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි මෘත දේහය සොයාගෙන ඇත්තේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය රෝහල් මෘත ශරිරාගාරය වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබඳව කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ඡායාරූප - වන්නි රොමේෂ් මධුශංක