බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට - පොළොන්නරුවට පානීය ජල ගැටළුවක්

Wednesday, 14 September 2016 - 12:46

%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීග්‍ර ලෙස අඩු වී තිබෙනවා.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටමද පහත බැස ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එල්.එස්. වීරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත් ජලාශවල ජල මට්ටම් පහත බැසීම ජල විදුලිය නිෂ්පාදනයට ගැටළුවක් නොවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

මේ අතර, වැසි නොලැබීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, තමන්කඩුව හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 6000කට ආසන්න සංඛ්‍යාවක් පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටිනවා.

කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය ජලය දැනට ජල සම්පාදන මණ්ඩලයේ මැදිහත්වීමෙන් බවුසර් මගින් සපයා දීමට කටයුතු කර ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කළේ.