බඳගිරිය සිද්ධියේදී වැරදි සිදුවූ බව පොලීසිය පිළිගනී

Wednesday, 14 September 2016 - 18:13

%E0%B6%B6%E0%B6%B3%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශයේ පදිංචි ජී.ජී. ගයාෂාන් තරුණයා අතුරුදන් වූ සිද්ධියේදී පොලීසිය අතින් යම් යම් වැරදි සිදුවී ඇති බව බස්නාහිර - උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද පිළිගත්තා.

ඒ, කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි.

ගයාෂාන් අතුරුදන්වී අදට දින 9 ක් ගතවූවත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තාවී නැහැ.

පොලීසිය සිද්ධියට අදාළ රාජකාරි කටයුතුවලදී නිසි පියවර මගහැර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අද ප්‍රකාශ කළා.