පිහි ඇණුමකින් සූරියවැව දෙදෙනෙකු මරුට (ඡායාරූප)

Thursday, 15 September 2016 - 7:10

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සූරියවැව  - මීගහජදුර ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

සූරියවැව - මීගහජදුර තැපැල් කාර්යාලය ආසන්නයේ යතුරුපැදිවලින් පැමිණ සිටි තරුණයින් පිරිසක් ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කරන අවස්ථාවේදී මෙය සිදුව ඇත්තේ. තරුණයින් සිටි ස්ථානය පසුකර යාමට පැමිණි ත්‍රිරෝද රථයක සිටි රියදුරෙකු සමඟ බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

ඒ, මෙම තරුණයන් මාර්ගය අවහිර වන ලෙස මත්පැන් පානය කරමින් සිටීම හේතුවෙන්.

පසුව ත්‍රිරෝද රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

යතුරුපැදිවල පැමිණි තරුණයන් ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් එහි රියදුරාට පහරදී ඇත්තේ ඉන් අනතුරුවයි.

මෙම ගැටුම අතරතුර ත්‍රිරෝද රථයේ සිටි තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 23 ක් වයසැති සූරියවැව  - සුරුවිරුගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මෙම ගැටුම  අතරතුර සෙවණගල - කොතලාවල විද්‍යා පීඨයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් රැගත් රථයක් එම ස්ථානය පසුකර යාමට පැමිණ තිබෙනවා.

එම රථයේ සිටි එක් නිලධාරියෙකු  සිද්ධිය වූ ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුටද  යතුරුපැදිවල පැමිණි තරුණයන් තියුණු ආයුධවලින් පහරදී ඇති අතර, ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 31 ක් වයසැති වැලිගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා නිලධාරියෙක්.