ආයුර්වේද සංස්ථාව දින නියමයක් නොමැතිව වසයි

Thursday, 15 September 2016 - 7:22

%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
මහරගම - නාවින්නේ පිහිටි ආයුර්වේද සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න පවසනවා.

එහි සභාපතිවරයාට සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට එරෙහිව සේවකයන් අඛණ්ඩව සිදුකරන විරෝධතායි ඊට හේතු වී ඇත්තේ.

පොලිස් ආරක්ෂාව සහිතව ආයුර්වේද  සංස්ථාවේ රැඳී සිටි එහි සභාපතිවරයාට සහ කළමනාකරන අධ්‍යක්‍ෂවරයාට ඊයේ දිනයේද සේවකයන් විරෝ්ධය පළ කළා.

කෙසේ වෙතත් ඔවුන් පස්වරු හතට පමණ සංස්ථා භූමියෙන් පිටව ගොස් ඇත්තේ පොලිස් ආරක්ෂාවද සහිතවයි.

ආයුර්වේද සංස්ථාවේ සේවකයන් එහි සභාපතිවරයාට එරෙහිව විරෝධතා ආරම්භ කළේ පසුගිය ජූනි මස 28 වනදායි.

එදින සේවකයින් සභාපතිවරයාට පැය කිහිපයක් සංස්ථා භූමියෙන් පිටවීමට ඉඩ නොදී එහි රඳවාගෙන සිටියා.