මහනුවර - අංකුඹුර ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඇතුලූ සිව්දෙනෙකුට තුවාල

Thursday, 15 September 2016 - 8:15

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+-+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මහනුවර - අංකුඹුර - ගල්හින්න ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලූ සිව්දෙනෙකු පහරකෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ මෙලෙස තුවාල ලැබුවේ අංකුඹුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්.

ඔහු මේ වනවිට අංකුඹුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයින් මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන තුන්දෙනාද ඒ අතර වන බවයි අංකුඹුර පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.