පලෙයි රිය අනතුරකින් හතරක් මරුට - හයකට තුවාල

Thursday, 15 September 2016 - 9:06

%E0%B6%B4%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කිලිනොච්චි - පලෙයි ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තිබෙනවා.

බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

සිද්ධියෙන් තවත් හයදෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය - නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය අය අවුරුදු 78, 75, 55, 43 වයස්වල පසුවන්නන්.








ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක