තරුණයෙකු අතුරුදන්වීමේ සිද්ධියට හම්බන්තොට පොලීසියේ හතරකගේ වැඩ තහනම්

Thursday, 15 September 2016 - 9:43

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
හම්බන්තොට පොලීසිය අත්අඩංගුවට ගත් ජී.ජී. ගයාෂාන් තරුණයා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ හම්බන්තොට පොලීසියේ සැරයන්වරුන් තුන්දෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මෙලෙස වැඩ තහනම් කර ඇති බවයි.

20 හැවිරිදි මෙම තරුණයා පසුගිය  05 වනදා අතුරුදන්වූ අතර ඔහු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තාවී නැහැ.

මොහු ඇතුලු තරුණයන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ හම්බන්තොට - බඳගිරිය - යහන්ගල ප්‍රදේශයේදී පෞද්ගලික ගබඩාවකින් වී තොගයක් සොරකම් කිරීමේ චෝදනාවකටයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ගයාෂාන්ගේ ඥාතීන්ට හම්බන්තොට පොලීසිය ප්‍රකාශ කර තිබුණේ ඔහු අත්අඩංගුවට ගත් දිනට පසුදින වැසිකිලියට යන මුවාවෙන් පලාගොස් ඇති බවටයි.  

කෙසේ වෙතත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු පොලීසිය ව්‍යාජ සටහන් යොදා ඇති බවටද අනාවරණ වුණා.

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පළාගොස් ඇති බවයි  මෙම පොලිස් නිලධාරීන් පොලිස් පොතේ සටහන් කර තිබී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ තරුණයා පොලීසියේ සිට පලාගිය පසු එම සටහන පොලිස් නිලධාරීන් යොදා ඇති බවට දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී  ඇති බව උසස් පොලිස් නිලධාරියා කියා සිටියා.

මෙලෙස වැඩ තහනම් කර ඇති පොලිස් නිලධාරීන්ගෙන් දෙදෙනෙකු අදාළ තරුණයා අත්අඩංගුවට ගත් නිලධාරීන් වන අතර අනෙක් දෙදෙනා මොවුන්ගේ ආරක්ෂාව භාරව කටයුතු කර තිබෙනවා.