නාමල්ට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි අල්ලස් කොමිසමට දන්වයි

Thursday, 15 September 2016 - 11:05

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඔක්තොම්බර් මස 03 වැනිදා හෝ ඊට  පෙර චෝදනා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළා.  

ඒ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම කොමිසමට අපහාසයක් වන ලෙස කටයුතු කර ඇති බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ගොනු කර තිබූ පෙත්සම අද කැදවූ අවස්ථාවේදීයි.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම  නියෝගය  ලබාදුන්නේ.

අල්ලස් කොමිසම මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණයකට ඔහු සහභාගි නොවීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදුවී ඇති බවට මෙම පෙත්සමේ තවදුරටත් දැක්වෙනවා.