චීනයට සුළි කුණාටුවක්

Thursday, 15 September 2016 - 12:40

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තායිවානයට දැඩි බලපෑම් එල්ල කළ මෙරන්ති සුළි කුණාටුව මේ වනවිට චීනයට ඇතුලූවී තිබෙනවා.

පැයට කිලෝමීටර් 227 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව ඇතුලූවීමත් සමඟ චීනය තුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙහි බලපෑම හේතුවෙන් දකුණු දිග චීනයේ ගුවන් ගමන් සහ දුම්රිය ගමනාගමන කටයුතුද තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මෙම සුළි කුණාටුවෙන් තායිවානයට පළමුව බලපෑම් එල්ලවූ අතර, ඉන් එක් අයෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලැබුවා.

සුළි කුණාටුවත් සමඟ තායිවානයේ ප්‍රදේශ රැසකට විසන්ධි වූ විදුලි සැපයුම  තවමත් යථා තත්ත්වයට පත්කර නැහැ.

මෙය තායිවානයට වසර 21 කට පසු බලපෑ දරුණුතම සුළි කුණාටුවයි.