කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ආනන්ද සමරසේකරගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කෙරේ

Thursday, 15 September 2016 - 14:59

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%2C+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ අද (15) ප්‍රතික්ෂේප කළා.

ඒ, ඔහු විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඇප ඉල්ලූම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් කරුණු ඉදිරිපත් කර සිටියේ ඇප ලබාදීම හරහා සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවිය හැකි බවයි.

එම කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉහත නියෝගය නිකුත් කළා.