වෛද්‍යවරුන්ගේ ගැටලූව ගැන අගමැතිගෙන් ෆේස්බුක් සටහනක්

Thursday, 15 September 2016 - 18:15

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කිසිදු පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන්ට වඩා විශේෂ වරප්‍රසාදිතයෙකු නොවනවා සේම, කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තීන්ට වඩා විශේෂ වරප්‍රසාද වෘත්තියක් බවට අප හදුනා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට තම දරුවන් ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලා සිදු කළ විරෝධය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ (14) පස්වරුවේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණියේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මුණ ගැසීමේ අපේක්ෂාවෙන්.

එහෙත් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් හිමි නොවීම නිසා එම වෛද්‍ය කණ්ඩායම අද උදෑසන දක්වාම අමාත්‍යාංශ පරිශ්‍රයේ රැඳී සිටියා.

කෙසේ වෙතත්, අද (15) පෙරවරුවේ පොලිසිය ඉදිරිපත් කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන කඩුවෙල මහේත්‍රාත් අධිකරණය නියොග කළේ අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී සිටින වෛද්‍යවරුන් සියළුදෙනා ඉන් ඉවත්විය යුතු බවයි.

ඒ අනුව ඊයේ (14) රාත්‍රියේ සිටම අධ්‍යාපන අමාත්‍යාංශයේ රැඳීසිටි පිරිස ඉන් ඉවත්ව ගියා. කෙසේ වෙතත්, කිසියම් පිරිසක් අමාත්‍යාංශ පරිශ්‍රයේ නතර කර තිබු වෛද්‍යවරුන්ගේ මෝටර් රථවල, ටයර්වල හුළං ඉවත්කර තිබිම නිසා ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.  

පසුව පොලිසිය මැදිහත් වී මෝටර් රථ යථා තත්ත්වයට පත් කළා. මේ අතර, වෛද්‍යවරුන්ගේ දරුවන් පළමු ශ්‍රේණියට ඇතුලත් කිරිමේ ගැටළුව මුල් කර ගනිමින් අද උදෑසන 8 සිට පැය 4 ක කාලයක් මාතර, මහනුවර, කුරුණෑගල රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක නිරත වුණා.

එමඟින් එම දිස්ත්‍රික්කවල රෝහල් කටයුතුවලට බාධා එල්ල වූ අතර ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් දැඩි දුෂ්කරතාවලට ලක් වුණා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තම වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද දැනුවත් කිරිම සදහා අද දහවල් මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත්ද එක්ව සිටි අතර, ඔහුගෙන් මෙම ගැටලූව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ වෛද්‍යවරුන්ට පමණක් නොව විනිශ්චයකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

නමුත් වෛද්‍යවරුන් පමණක් ඔවුන් විසින් තෝරාගත් රාජකීය, ආනන්ද වැනි ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට උත්සාහ දැරීම නිසා මෙම ගැටලූව හටගෙන ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.