දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුමක් නෑ - නිදහස් පක්ෂය කියයි

Thursday, 15 September 2016 - 18:20

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දෙමළ ජාතික සන්ධානය සමඟ කිසිදු ගිවිසුමකට එළැඹී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (15) අවධාරණය කළා.

පසුගියදා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සිදුකර තිබූ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදීන් අද පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියා. එහිදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ එවැනි ගිවිසුමක් නොමැති බවයි.

ඊට අමාත්‍ය චන්දිම වීරක්කොඩිද පිළිතුරු දීමට මැදිහත් වුණා.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරද දෙමළ ජාතික සන්ධානය සමඟ එළැඹ ඇතැයි පැවසෙන ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ නිල වශයෙන් එවැනි ගිවිසුමකට එළැඹ නොමැති බවයි.