අතුරුදන් වී යළි හමුවූ බඳගිරියේ තරුණයා සැප්තැම්බර් 21 දක්වා රිමාන්ඩ්

Friday, 16 September 2016 - 7:41

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B6%B3%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+21+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අතුරුදන් ව සිට අත්අඩංගුවට ගත් බඳගිරියේ ජී.ජී. ගයාෂාන් නැමැති තරුණයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හම්බන්තොට දිසා විනිසුරු මංජුල කරුණාරත්න විසින් නියෝග කළා.

දික්වැල්ල - දීඝවාලූකාරාම රජමහා විහාරස්ථානයට ඊයේ දිනයේ පැමිණි එම තරුණයා එහි විහාරවාසී හිමිනමක මාර්ගයෙන් පොලිස් මූලස්ථානය වෙත භාරවුණා.

ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් තරුණයා හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රැගෙන යනු ලැබුවා.

එහිදී ඔහුගෙන් ඊයේ 8.30 සිට අද අලූයම 2 දක්වා පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඔහු හම්බන්තොට දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ අද අලූයම 2.30ට පමණයි.

එහිදී ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කර තිබෙනවා.