සෞඛ්‍ය ඇමති සමඟ සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍යවරුන් වර්ජන සැළසුම් අත්හරී

Friday, 16 September 2016 - 7:55

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
වෛද්‍යවරුන්ගේ දරුවන් පළමු ශ්‍රේණියට ඇතුලත් කිරිමේ ගැටළුවට විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් ප්‍රකාශ කළේ එළැඹෙන සතියේ ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පොරොන්දුවක් ලබාදුන් බවයි.

මෙම ගැටලුව මුල් කර ගනිමින් ඊයේ උදෑසන 8 සිට පැය 4 ක කාලයක් මාතර, මහනුවර, කුරුණෑගල රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක ද නිරත වුණා.

එමඟින් එම දිස්ත්‍රික්කවල රෝහල් කටයුතුවලට බාධා එල්ල වූ අතර ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණදුන්නා.

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලබන සතිය තුළ ආරම්භ කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනයද කල් දැමූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.