ඩොනල්ඩ් ට්‍රම්ප් ජනමත සමීක්ෂණවලින් ඉදිරියට

Friday, 16 September 2016 - 9:07

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය, මත සමීක්ෂණවලදී ඉදිරියට පැමිණ තිබෙනවා.

විශේෂයෙන් ඇමරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්ත ලෙස සැළකෙන අයෝවා, ඔහායෝ, ෆ්ලොරිඩා, නෙවාඩා සහ උතුරු කැරොලයිනා ප්‍රාන්තවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අභිබවා ඇති බවයි වාර්තාවන්නේ.

මෙම තත්ත්වය මත හිලරි ක්ලින්ටන් ඊයේ නැවතත් උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට එක්වී තිබෙනවා.

ඒ, නියුමෝනියා රෝගී තත්ත්වය නිසා දින තුනක් දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔහුගේ වෛද්‍යවරුන් ඊයේ ප්‍රබල සහතිකයක් ලබාදී තිබෙනවා.

මේ තත්ත්වය මත ලබන නොවැම්බර් අටවනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.