අප්‍රිකාවෙන් හමුවූ ගුවන් යානා කොටස් මැලේසියානු ගුවන් යානයේ බව තහවුරු වූ හැටි

Friday, 16 September 2016 - 10:28

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
අප්‍රිකාවේ ටැන්සානියානු වෙරළට ඔබ්බෙන් පිහිටි පෙම්බා දිවයිනෙන් හමුවූ විශාල ගුවන් යානා තටු කොටස අතුරුදන්වූ එම්.එච්. 370 මැලේසියානු ගුවන් යානයේ බව තහවුරු වී තිබෙනවා.

මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ලියව් ටියොන් ලායි ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම්.එච්. 370 පරීක්ෂණවල නිරත  ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශයේ විශේෂඥයන් එය සනාථ කළ බවයි.

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ 2014 වසරේ මාර්තු අටවනදා එම්.එච්. 370 යානය අතුරුදන්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා යන අතරතුරයි.

යානයේ සුන්බුන් සොයා මැලේසියාව සහ  ඕස්ට්‍රේලියාව අතර මුහුදු තීරය ගවේෂණයට ලක් කළද ඒ පිළිබඳ හෝඩුවාවක් හමුවූයේ නැහැ.