මෝටර් රථය සුන්බුන් ගොඩක් කරමින් තරුණයෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර (ඡායාරූප)

Friday, 16 September 2016 - 10:55

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රත්ගම ගාලු පාරේ දේවීගොඩ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ මෝටර් රථ අනතුරකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.

වේගය පාලනය කරගත නොහැකි වූ මෝටර් රථය මාර්ගය අසල තිබූ දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි සැකපළකරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර තිබෙනවා.

බරපතල තුවාල ලැබූ එක් තරුණයෙකු ගාල්ල කරාපිටිය රෝහල කරා රැඟෙන යමින් සිටියදී මෙලෙස මියගොස් ඇති අතර තවත් තරුණයන් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තා කරු ප්‍රකාශ කළේ.

මියගොස් ඇත්තේ ගාල්ල කිතුලම්පිටිය පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

හික්කඩුව පැවති සාදයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි තරුණයන් පිරිසකුයි මෙලෙස අනතුරට ලක් වූයේ.

අනතුරෙන් පසුව රියදුරු පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය පරීක්ෂණ  ආරම්භ කර තිබෙනවා.


(ඡායාරූප - රොෂාන් පියතිලක)