දඹදිව වන්දනාවෙන් පසු කාන්තාවන් දෙදෙනෙකු මියගියේ මාරාන්තික ස්වසන රෝගයකින්ද ?

Friday, 16 September 2016 - 12:48

%E0%B6%AF%E0%B6%B9%E0%B6%AF%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%3F
දඹදිව වන්දනාවේ ගොස් යළි මෙරටට පැමිණීමෙන් පසු හලාවත ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු මියයාම ඉන්ෆ්ලූවෙන්සා එච්.වන්.එන්.වන්. රෝගී තත්ත්වයක් මත සිදුවූයේ ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හලාවත මහ රෝහලේදී මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ හලාවත - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.

මොවුන් නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේම තවත් පිරිසක් සමඟ පසුගිය 27 වනදා දඹදිව වන්දනාවේ ගොස් ඇති අතර, යළි දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය 10 වනදායී.

අනතුරුව එක් කාන්තාවක් ශ්වසන ආබාධයක් හේතුවෙන් පසුගිය 12 වනදා හලාවත රෝහලේදී මියගොස් තිබෙනවා.

අනෙක් කාන්තාවද පෙරේදා දිනයේදී මියගොස් ඇත්තේ ශ්වසන ආබාධයක් හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණායතනය විමර්ශනයක් ආරම්භ කළ අතර, එක් කාන්තාවකට චාරිකාව අතරතුර ඉන්ෆ්ලූවෙන්සා ඒ රෝගී තත්ත්වය වැළඳී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්ෂ්මී කුමාරතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බව ඇය කියා සිටියා.

මේ අතර, මෙම කාන්තාවන් දෙදෙනා සමඟ දඹදිව චාරිකාවට එක්වු තවත් කාන්තාවක් ශ්වසන ආබාධයක් වැළඳීමෙන් හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවටයි හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ.

ඉන්ෆ්ලූවෙන්සා වෛරස් ආකාර කිහිපයක් මිනිසාට ස්වසන රෝග තත්ත්වයන් ඇති කරන අතර 2004 වසරේ ආසියාකරයේ පැතිරුණු කුරුළු උණද ඉන්ෆ්ලූවෙන්සා ප්‍රභේදයක්.