සාමාන්‍ය ජනතාව මත වැඩි බදු බරක්

Friday, 16 September 2016 - 13:09

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුව සාමාන්‍ය ජනතාව මත වැඩි බදු බරක් පනවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපාන ඍජු බදු අඩු කර සාමාන්‍ය ජනතාවට බලපාන වක්‍ර බදු වැඩිකර ඇති බවයි.

මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදී ඇති පොරොන්දු අනුව රජය ජනතාව පීඩාවට පත් කරමින් යළි වැට් බදු පැනවීමට කටයුතු කර ඇති බවයි.

ඔහු සදහන් කළේ කිසිදු අයුරකින් නව වැට් පනත් කෙටුම්පතට ද පාර්ලිමේන්තුවේදී සහාය ලබා නොදෙන බවයි.