කුඹුරට ගිනි තැබූ ගල්ගමුවේ කාන්තාවක් ගින්නට බිලි වේ

Friday, 16 September 2016 - 13:17

%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
අස්වනු නෙලූ වෙල් ඉපනැල්ලට ගිනි තැබූ කාන්තාවක් ඉන් නිකුත් වූ දුම සහ පිළිස්සුම් තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් අනුරාධපුරය ගල්ගමුව - - මීගලෑව - කටුගම්පොලගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එලෙස මියගොස් ඇත්තේ මීගලෑව කටුගම්පොල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්.

ඇය අද උදෑසන සිය කුඹුරට ගොස් තිබුණේ එය නැවත අස්වැද්දීම සඳහා පිළිසකර කිරීමේ අරමුනින්.  

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මීගලෑව පොලීසිය  සඳහන් කළේ ඇය පිළිස්සුම් තුවාල නිසා මියගියේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි.

අස්වනු නෙලූ කුඹුරුවලට ගිනි තැබීම් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තාවන අතර දැනට පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ගිනි පැතිරයාමේ අවදානමක් ද පවතිනවා.