වියලි කාලගුණය තව දුරටත්

Friday, 16 September 2016 - 13:32

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
පවතින වියළි කාලගුණයත් සමඟ දිවයිනේ ඇතැම් ජලාශවල ජල මට්ටම 35% ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහෙත් සමස්තයක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශවල ප්‍රමාණවත් ලෙස ජලය පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහාන් රාජ් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

ගංගාවල ජල මට්ටමද එලෙසම පහළ මට්ටමක පවතින බව ඔහු සඳහන් කළා.

මේ අතර ප්‍රදේශ කිහිපයකට ඊයේ වැසි ඇද හැලූණේ දැඩි සුළඟක්ද සමඟින්.

සියඹලාණ්ඩුව - නාමලූව, යක්කඳුරාව සහ වලහපතාන ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ඇතිවූ මෙම සුළං ප්‍රවාහයෙන් නිවාස 12 කට පමණ සුළු හානි සිදුව තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට ඊයේ වැසි ඇද හැලූනේ මාස 3 ක පමණ විරාමයකින් අනතුරුවයි.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් පරිදි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ මේ මස අවසානයේදී පමණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

කෙසේ නමුත් පවතින වියළි කාලගුණය මඟ හරවා ගැනීම සඳහා දිවයිනේ සියලූම විහාරස්ථානවල වැසි පිරිත දේශනා කරන ලෙස කොළඹ ගංඟාරාමයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩඥාණිස්සර හිමියන් ඉල්ලීමක් කළා.