මාතලේ - රජ්ජම්මන පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මරුට

Friday, 16 September 2016 - 13:55

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+-+%E0%B6%BB%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාතලේ - මඩවල - උල්පත - රජ්ජම්මන ප්‍රදේශයේදී අද අලුයම එල්ලවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

තම වගා බිමට ජලය සැපයීම සඳහා නිවසින් බැහැරව ගිය  අවස්ථාවේ මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි සිව්දරු පියෙක්.

සිද්ධියෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි මහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ගම්වාසීන් විරෝධය පළ කළේ ගම් වදින වන අලින් පළවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු නොකරන බවට චෝදනා කරමින්.

මේ වසර තුළ ප්‍රදේශයේ පුද්ගලයන් හතරදෙනෙකු වන අලි ප්‍රහාරවලින් මියගිය ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා.