උතුරු කොරියාව ප්‍රතිප්‍රහාරයකට සූදානම් වෙයි

Friday, 16 September 2016 - 14:00

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකා එක්සත් ජනපදය සිදුකරන ප්‍රකෝපකාරී ක්‍රියා හේතුවෙන් සිය සතුරන්ට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

වෙනිසියුලාවේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ විදේශ අමාත්‍ය සමුළුවට එක්වෙමින් උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

උතුරු කොරියාව පසුගිය සතියේ සිය පස්වන න්‍යෂ්ටික අත්දාබැලීම සිදුකළ අතර, ඇමරිකානු සුපර් සොනික් ප්‍රහාරක යානා පසුගිය අඟහරුවාදා දකුණු කොරියානු ගුවන් තලයට පිවිසුනේ ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.

උතුරු කොරියානු විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයෙන් තම රටේ ජාතික ආරක්ෂාවට එල්ලවන තර්ජන හේතුවෙන් තම රට න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි.