දිවිනැගුම විභාග අවුලට සහනයක්

Friday, 16 September 2016 - 18:17

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන 18 වන දා පැවැත්වීමට නියමිත දිවිනැගුම සංවර්ධන නිළධාරී තුන්වන පන්තියට බදවා ගැනීමේ තරඟ විභාගය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඒ අනුව විෂය භාර අමාත්‍ය එස්.බී. දිසානායක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ විභාග කටයුතු සංවිධාන කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විභාග අංශ අතර විශේෂ සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වුණා.

අයදුම්කරුවන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් විභාගය සඳහා ඉල්ලූම් කර තිබුණත් 90,000කට ආසන්න ප්‍රමාණයකට විභාග අපේක්ෂකත්වය හිමිව ඇති බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, අයදුම්කරුවන් පිරිසකට නිසි සුදුසුකම් නොමැති බව ඇතුළු විවිධ හේතුන් ප්‍රකාශ කරමින් අයදුම් පත්‍ර එවා තිබුණේ නැහැ.

විභාගය සඳහා අවස්ථාව නොලැබුණු අපේක්ෂකයන් කියා සිටියේ තමන්ට එහිදී අසාධාරණයක් සිදුවී ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ද මෙම ගැටළුව සම්බන්ධයෙන් සිය අවදානය යොමු කර ඇති අතර ඔවුන් ඉල්ලා සිටියේ ලබන 18 වන දා විභාග නොපවත්වා වෙනත් දිනක එය පවත්වන ලෙසයි.

දිවිනැගුම සංවර්ධන නිළධාරී තුන්වන පන්තියට බදවා ගැනීමේ තරඟ විභාගය සඳහා විශාල පිරිසක් අයදුම් කළ ද ඉන් අඩකට ආසන්න ප්‍රමාණයකට අපේක්ෂකත්වය නොලැබීම පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් විමසා සිටියා.

ඔහු කියා සිටියේ නියමිත පරිදි ලබන 18 වන දා විභාගය පැවැත්වෙන බවයි.

අපහසුතාවයට පත්ව ඇති අපේක්ෂකයින් වෙනුවෙන් වෙනත් විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කළා.