බඳගිරිය තරුණයා, සැගවූ ඥාතීන්ට වැඩ වරදී

Friday, 16 September 2016 - 18:28

%E0%B6%B6%E0%B6%B3%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B7%83%E0%B7%90%E0%B6%9C%E0%B7%80%E0%B7%96+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
වී මළු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ සිටියදී පැන ගිය හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශයේ තරුණයා සඟවාගෙන සිටි ඔහුගේ ඥාතීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියේ අවදානය යොමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ සැකකරුවෙකු සඟවාගෙන සිටීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

හම්බන්තොට පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු අතුරුදන් වූ ජී.ජී. ගයාශාන් නමැති මෙම තරුණයා ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර, අද අලූයම හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඊට පෙර පොලීසිය සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ අත්අඩංගුවට පත්වීමෙන් පසු තමන් පොලීසියෙන් පළා ගිය බවයි.

පලා යාමේ අදහසින් සිටි තමන් පොලිස් සිර මැදිරියේ වැසිකිලියට යාමට නොහැකි බව ප්‍රකාශ කළ බවත්, ඒ අනුව පොලිස් නිලධාරියෙකු සමඟ පොලීසියේ ස්ථාපිත කර ඇති වෙනත් වැසිකිලියක් වෙත ගොස් තිබෙනවා.

ඉන් ඉවතට එන අවස්ථාවේදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා එම ස්ථානයේ නොසිටි නිසා පොලිසියේ පිටුපස දොරටුවෙන් පිටව ගොස් බස් රථයක නැගී තමන් වීරකැටියේ පිහිටි ඥාතියෙකුගේ නිවසට ගිය බවයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ.

එහිදී අදාළ නිවසේ සිටින බවට සැකකරු සිය සහෝදරියට දුරකථන ඇමතුමක් ද ලබා දී ඇති බව අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකු එම නිවසේ සිටියදී සැකකරු බැලීම සඳහා පැමිණ ඇති බවට ද හෙළි වුණා.

වීරකැටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටි තමන් තවත් ඥාතීන් දෙදෙනෙකුගේ නිවෙස් වල සිටි බවට ද ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුට සැගව සිටීමට සහ ඊට ආධාර අනුබල දුන් පවුලේ ඥාතීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි සිද්ධිය පිළිබද විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.

මෙම තරුණයා සොරකම් කරන ලද වී මළුවලින් කොටසක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

එමෙන්ම පොලිස් ඇප මත දැනට නිදහස්ව සිටින සැකකරුවන් ලබාදුන් ප්‍රකාශ මත අතුරුදන්ව සිටි මෙම සැකකරු ද සොරකමට සම්බන්ධ බවට නිශ්චිතව හෙළි වී ඇති බවයි පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියා සදහන් කළේ.