සමන් දේවාල පෙරහරේ අලි කලබලයක්

Saturday, 17 September 2016 - 6:46

%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රත්නපුර මහ සමන් දේවාලයේ අවසන් මහ පෙරහර වීථි සංචාරය ආරම්භවීමට පෙර ඇතුන් දෙදෙනෙකු කලබල වීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.

එහිදී ඇති වූ තෙරපීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය දරා ගත නොහැකි වීම නිසා ඇතුන් දෙදෙනා මෙලෙස නොසන්සුන්කාරී වී ඇති බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

ඇති වූ එම කලබලකාරී තත්ත්වය නිසා පෙරහර ආරම්භය පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබෙනවා.