ජනපතිගේ හෙලිකොප්ටරය රූගත කළ තරුණයෙකු අත්අඩංගුවට

Saturday, 17 September 2016 - 7:17

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැගත් හෙලිකොප්ටරය, බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයට ගොඩ බැස්සවීමේ අවස්ථාව රූගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින 26 හැවිරිදි ලිදුල ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරෙක්.

වීඩියෝ පටිගත කිරීම් සිදුකිරීමට තිබෙන කැමැත්ත නිසා තමන් එම හෙලිකොප්ටරය ගොඩ බස්වන අයුරු රූගත කළ බවයි එම තරුණයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණයා පිළිබද වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන බව සදහන්.