තමිල්නාඩුවේ විපක්ෂ නායක සමඟ 30,000ක් අත්අඩංගුවට

Saturday, 17 September 2016 - 7:25

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+30%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තමිල්නාඩුවේ විරෝධතාවයක නිරත වූ ප්‍රාන්ත විපක්ෂ නායක එම්. ස්ටාලින් ඇතුළු පුද්ගලයින් 30,000ක් තමිල්නාඩු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කාවේරි නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන් කර්ණාටක ප්‍රාන්තයේ ඇති වූ කලහකාරී තත්ත්වයේදී ද්‍රවිඩ ජනතාවට පහරදීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී විරෝධතා පැවැත්වීම හේතුවෙන්.

හිටපු තමිල්නාඩු මහඇමති එම්. කරුණානිධිගේ පුත්‍රයා වන විපක්ෂ නායක එම්. ස්ටාලින් විසින් මෙම විරෝධතා සංවිධාන කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.