පානදුර මුහුදු තීරයේ අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුර හමුවේ

Saturday, 17 September 2016 - 7:50

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ඉන් එක් තරුණයෙකුගේ මළ සිරුර පොලීසියට ලද තොරතුරකට අනුව පානදුර - ගල්වැටිමෝදර ප්‍රදේශයට ගොඩ ගසා තිබියදී සොයා ගනු ලැබුවා.

අනෙක් තරුණයාගේ මළ සිරුර වාද්දුව මුහුදු තීරයට ගොඩ ගසා තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් සිව් දෙනෙකු දියේ ගිලී ඊයේ අනතුරට පත්වුණා.

එහිදී ප්‍රදේශවාසීන්ගේ සහාය ඇති දෙදෙනෙකු මුදාගෙන රෝහල් ගත කළ ද ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මුදා ගත් අනෙක් තරුණයා මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.