සමන් දේවාල පෙරහරේ ඇතෙකු කුලප්පු වී කාන්තාවක් මරුට

Saturday, 17 September 2016 - 9:59

%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රත්නපුර මහ සමන් දේවාලයේ අවසන් මහ පෙරහරේ ඇතෙකු කුලප්පු වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර - නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක්.

ඇය හෘදයාබාධයක් හේතුවෙන් අද අලූයම ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එහිදී ඇති වූ තෙරපීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කෙරුණා.

තුවාල ලැබූවන් අතර තවත් කාන්තාවන් 6 දෙනෙකු, පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ 12 හැවිරිදි පිරිමි ළමයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.