දඹුල්ල - හබරන මාර්ගයේ රිය අනතුරකින් අයෙක් මරුට

Saturday, 17 September 2016 - 10:30

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දඹුල්ල - හබරන මාර්ගයේ පැල්වෙහෙර ගොවිපළ අසළ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ හබරන සිට දඹුල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි ඊයේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 24 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.