ආචාර ධර්ම රකින්න, පොලීසියෙන් ප්‍රතිඥා

Saturday, 17 September 2016 - 12:06

%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F
ජාතික පොලිස් කොමිසම් සභාව මගින් පොලිස් නිලධාරීන් වෙත හඳුන්වා දෙනු ලැබූ ආචාර ධර්ම පද්ධතියට අත්සන් තබා ප්‍රතිඥා දීමේ කටයුතු අද පෙරවරුවේ දිවයින පුරා සිදුකෙරුණා.

සියලූ පොලිස් ස්ථාන ආවරණය කෙරෙමින් සිදුකෙරුණු එහි ප්‍රධාන උත්සවය පොලිස්පති පූජිත ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් කොළඹ පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණා.

ජාතික පොලිස් කොමිසම් සභාවේ ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වගන්ති 45කින් සමන්විත එම ආචාර ධර්ම පද්ධතියට මෙරට රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 80,000ක් පමණ එක්වර අද පෙරවරුවේ මෙම ප්‍රතිඥාව ලබා දුන් බවයි.
 
උපරිම අයුරින් මහජන සේවයක් ඉටු කිරීම සඳහා හදුන්වා දුන් මෙම ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධයෙන් ඉදිරියටත් පසු විපරම් කටයුතු සිදුකරන බව ද එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ වැඩිදුරටත් සදහන් කළා.