වාට්ටුවක් නිසා හබරාදුව උණුසුම් (ඡායාරූප)

Saturday, 17 September 2016 - 18:13

%E0%B7%80%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ක්‍ෂය රෝගය වැළඳුණු රෝගියෙකු ගාල්ල - හබරාදුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමට විරෝධය පළ කරමින් අද (17) එම රෝහල ඉදිරිපිට ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් එහිදී කියා සිටියේ උඩුගම රෝහලේ පිහිටි ක්‍ෂය රෝග වාට්ටුව හබරාදුව රෝහලට රැගෙන ඒමේ සූදානමක් පවතින බවයි.

විරෝධතාව අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හබරාදුව ආසන සංවිධායක අමාත්‍ය චන්දිම වීරක්කොඩි එම ස්ථානයට පැමිණියා.

විරෝධතාකරුවන් සහ අමාත්‍යවරයා අතර එහිදී උණුසුම් සංවාදයක් ඇතිවුණා.

එහිදී අමාත්‍ය චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් ප්‍රකාශ කළේ හෙට (18) දිනයේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.




ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක