ජගත් මහ සමුළුවට සහභාගිවීමට ජනපති අද ඇමරිකාවට

Sunday, 18 September 2016 - 6:37

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස අද දිවයිනෙන් පිටත්ව යනවා.

හෙට ඇරඹෙන සැසිය 26 වනදා දක්වා පැවැත්වෙන බව සඳහන්.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සැප්තැම්බර් 21 වනදා සමුළුව ඇමතීමට නියමිතයි.

මෙවර සමුළුවේදී සරණාගතයන් සහ අනවසර සංක්‍රමණිකයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙන බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා.

එසේම තිරසාර සංවර්ධනය, න්‍යෂ්ටික අවි ඇතුළු කරුණු රැසක් ගැන මෙවර සමුළුවේදී ලෝක නායකයන්ගේ අවධානය යොමු කෙරෙනවා.